ගොඩක් කාලෙකට පස්සේ මම බිලොග් එකට ලියන්නේ
මම මේ කියන්න යනදේ හරි කියලා මම හිතනවා.මම උසස් පෙලට නර්තනය හදාරන සිසුවියක්.අප පාසල අවට තිබෙන සෑම පාසලකටම සෞන්දර්්‍ය ගුරුවරු අලුනෙත් ඇවිත්.අප පාසල තුල නර්තනය උගන්වන ගුරුතුමිය ඉතාම කාරුණික සිසුන්ට හොදින් උගන්වන ගරු තුමියක්.ඇය දැන් පාසලට එන්නේ ගෙිඩක් දුර බැහැර ඉදන්.මට තියෙන ගැටළුව අප පාසලට ඇයි අලුතින් සෞන්දර්්‍ය ගුරුවරු එන්නේ නැත්තේ නියලා.ඇය වෙනත් පාසලකට මාරුවීම ඉල්ලුවත් තවමත් කිසිදු වෙනසක් සිදුවී නෑ කියලා මම හිතනවා.ඉගෙන ගන්න අපටත් මෙය ගැටළුවක්.ඒ මෙකද කියනවානම් දුරක ඉදන් දුෂ්කරතා මැද ඇවිත් උගන්වනවා කියන දෙය අපහසුතාවයක් කියලා මම හිතනවා.
වි වගාව
මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය බත් ය. ලංකාවේ තත්ත්වය විමසීමට පෙර ලෝකයේ වී ගොවිතැන පිළිබඳ විමසීමකට ලක්කළහොත් ග්‍රීන්හේ ගේ වර්ගීකරණයට අනුව වී වගාව සියුම් පාරිභෝගික කෘෂිකාර්මික අංශයට අයත් වෙයි. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා වඩාත් ප්‍රචලිත ය.
ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. ඉන් විශාල ශ්‍රම පිරිසකට රැකියා සපයා ඇත. එමෙන් ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ්‍රි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 වසරේදී දළ ජාතික නිෂ්පාදනයට එකතුව රුපියල් දශලක්ෂ 30197ක් වූ අතර ප්‍රතිශත දායකත්වය 3.04%ක් ෙව් . 
වී ගොවිතැනට අවශ්‍ය භෞතික සාධක
1. ප්‍රමාණවත් ජල සැපයුම හෝ මි.මී. 1500ක් ඉක්මවන (අගල් 60) ඍතුමය වර්ෂාව.
2. ඉහළ උෂ්ණත්වය. (සෙ.ග්‍රේ. 24ක් පමණ)
3. ජලය රඳවා තැබිය හැකි හා ඉවත් කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම්.
4. මැටි සහිත දියලු පස. (හ්‍යුමස්, වැලි, මැටි හා රොන්මඩ අඩංගු වීම)
වගාකරන ආකාරය අනුව ප්‍රදේශ 2ට බෙදිය හැකි ය.
එනම්,
(අ) වර්ෂා ජලයෙන් වී වගා කරන ප්‍රදේශ.
(තෙත් කලාපයේ වගා බිම් සියල්ල මීට අයත් වේ.)
(ආ) ජල සම්පාදනයෙන් වී වගා කරන ප්‍රදේශ.
(වියළි කලාපයේ බොහෝ වගා බිම් මීට අයත් වේ.)
ශ්‍රී ලංකාවේ වී වගාව දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග
(1) ගොවි ජනපද ව්‍යාපාර ඇති කිරීම
1. බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම.
2. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය.
(2) වැව් නවීකරණය කිරීම.
(3) දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම.
(4) නව බිජ හදුන්වා දීම.
(5)පොහොර සහනාධාර ලබා දීම.
(6) වී ගොවියාට ඉහළ මිළක් යටතේ රජය මගින් වී මිලදී ගැනීමට කටයුතු කිරීම.
(7) පොහොර සහනාධාර ලබා දීම.
(8) කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන් පුළුල් කිරීම.
(9) ගොවීන්ට ණය හා සහනාධාර ලබා දීම.
(10)වගා රක්‍ෂණ හඳුන්වා දීම
සිසු නයු අභිනන්දන
සිසු නයු අභිනන්දන නමින් මෙවරත් අප පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම 2011-03-25 වැනි දින පැවැත්විණ. ආරාධිත පිරිස ඇතුළුව පාසලේ ගුරුවරුන් සහ සිසුන්ගේ දෙමාපියන් වගේම පාසලේ සිසුන් මෙම උළලට සහභාගි විය.නැටුම් ගායනා සහ ආදර්ශමත් කතාද ඇතුළුව මෙම උත්සවය හැඩගැන්විණ.ශිෂ්‍ය නායක නායිකාවන් තමන්ට ලබුණ තනතුර නිසි ආකාරයට ඉටු කිරිමට කැප වෙන බව ප්‍රකාශ කරමින් දිවිරුම් දිම සිදු කරේය.
වෙස් මුහුණු කලාව
ශ්‍රී ලංකාව වෙස් මුහුණු සඳහා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන්නා වූ දිවයිනක් වේ. මෙම වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට සාධාරණව කිව නොහැකි වුවත් අනුමාන වශයෙන් එය ශත වර්ෂ කිහිපයක් පමණ ඉපැරණි බැව් කිව හැක. ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කරණකි. ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට එම ඉතිහාසය සාක්ෂි දරයි.
ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව විවිධාකාර වූ සංස්කෘතිකාංගයන් නිරූපනය කරන බව නොරහසකි. එසේම එම වෙස් මුහුණු කලාව ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට සාධාරණ දායකත්වයක් ද ලබා දී ඇත. මෙම වෙස් මුහුණු කලාව ඉතාමත් කෙටි කාලයක දී මෙතරම් ජනප්‍රිය වූයේ කෙසේ ද යන්න අදට පවා ගැටලුවක් වී ඇත.
ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්‍රසිදිධ වූ නගරයක් ලෙස දකුණු පළාතේ පිහිටි අම්බලන්ගෙඩ දැක්විය හැක. කෙසේ වෙතත් මෙම නගරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහා ද ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි. විදේශීය සංචාරකයන් අතර ද මෙම අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙස් මුහුණු ඉතාමත් ජනප්‍රය වී තිබේ. මෙම නවීන වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙනු දක්නට ලැබෙන අතර එය සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය සඳහා ඇද ගැනීමට උපක්‍රමයක් ලෙස ද යොදාගෙන තිබේ.මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබන අතර එය එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට ඉමහත් රුකුලක් වී තිබේ. මෙම වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහායි. යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැක. ලංකාවේ ශාන්ති කර්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු කිහිප ලෙසකට මූලිකව වර්ග කල හැක.
1.පුරා වෘත්ත හෙවත් මිත්‍යා විශ්වාස සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු
2.මිනිස් සහ සත්ව ආත්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු
මෙම වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුට ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබයි. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්‍යවහාර කරනු ලබයි. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබේ. එය නම් දඹදිව සංඛපාල රජුගේ කතාවයි. මෙම පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබයි. මෙම සන්නි යකුමට අයත් නැටුම් කොටස් ලෙස
සැන්දෑ සමයම
යහන් දැක්ම
සොළොස් පාලිය
ආදිය දැකිවිය හැක.
දහඅට සන්නියේ සන්නි දහ අට පහත දැක්වෙන පරිදි වේ.
1.භූත සන්නිය
2.අභූත සන්නිය
3.අමුක්කු සන්නිය
4.වෙඩි සන්නිය
5.වාත සන්නිය
6.කණ සන්නිය
7.පිත් සන්නිය
8.බිහිරි සන්නිය
9.ගොලු සන්නිය
10.මුර්තු සන්නිය
11.දෙමළ සන්නිය
12.නාග සන්නිය
13.කොර සන්නිය
14.ගිනිජල සන්නිය
15.ගුල්ම සන්නිය
16.සීතල සන්නිය
17.දේව සන්නිය
18.කෝල සන්නිය
රටයකුම හෙවත් රිද්දියාගය
පැවැත්වීමේ අරමුණු
1. විවාහක,දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා ගැනීම
2. දරු ගැබ් පිළිසිඳෙන මුත් අතර මැද දරු ගැබ විනාශ වන කාන්තාවන්ගේ දරු ගැබ් ආරක්ෂා කර ගැනීම
3. පිළිසිඳුණු දරු ගැබ ආරක්ෂා කර ගැනීමට හා දරු උපත යෙහෙන් සිදු කර ගැනීම
උපත් කථාව
රටයකුම හෙවත් රිද්දියාගය ආරම්භ වී ඇත්තේ දරු දොළ උපතක් මුල් කර ගෙනය.එක් කථා පුවතකට අනුව මහාමේරුව පළාගෙන හටගත් ගිනි පුපුරු හතකින් මුදුන්මාල,ධර්මපාල,ගිරිමේඛල,ඕන්කාර,රිද්දි,කොණ්ඩමාල,රණකපාල යන බිසෝවරු සත්දෙනෙක් උපන්හ.මොවුහු සොළොස් වයස පසු කළ මුත් දරුවන් නොලද බැවින් දරු උපත් අපේක්ෂාවෙන් වේදනාවෙන් කල් ගෙවූහ.දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කර ගැනීමට කටයුතු කළහ.නේරංජනා නදියට ගොස් හිස නානු ගා ස්නානය කොට සලුපිළි හා ආභරණ පැළඳ, දලු බුලත් අනුභව කොට, නැව් නැග ලක්දිව උසන්ගොඩ ප්‍රදේශයට ගොඩ බැස්සහ.එහිදී බිසෝවරු හේනක් කොටා, කපු වපුරා, අස්වැන්න ලබා සලුවක් වියා දීපංකර බුදුන්ට පූජා කළහ.එම අනුහසින් දරු ගැබ් පහළ වූ බව කියවෙයි.මෙම කථා පුවත ශාන්තිකර්මයේ දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය යන අංග ඔස්සේ නිරූපණය කෙරේ.
ඒ හා සම්බන්ධ වූ තවත් කථා පුවතකට අනුව දරු ගැබ් පහළ වීමෙන් පසු ආභරණ ඇල්ලට දිය නෑමට යාමේදී රොඩියෙකු ස්පර්ශ වීම නිසා බිසෝවරුන් ඇල්ලෙන් පැන මිය ගොස් යක්ෂණියන් වී උපත ලද බව කියවෙයි.දරුවන් කෙරේ ආසාවෙන් මිය ගිය බැවින් කාන්තාවන්ට වඳ බව ඇති කෙරෙන බවත් සඳහන් වේ.
රටයකුම හා සම්බන්ධ පුරාවෘත්ත තවත් ආකාරයකින් ජනශැතියේ එයි.මහාමේරුව හෙවත් රංගිරි කූටයේ හට ගත් ගින්නකින් රිද්දි බිසව උපන්නාය.වැඩිවියට පත් ඇය මහා බ්‍රහ්මයාගේ අඹුව බවට පත්වූ අතර දූවරුන් සත් දෙනෙකු ලැබුවාය.පසුව මහා බ්‍රහ්මයා ඇය අත්හැර දමා ගියෙන් තමා සමග උපන් අවශේෂ යකුන් සමග එක්ව වෙසමුණි රජුගේ පිරිසට එක් වූවාය.එහිදී ඇය වෙසමුණි රජුගෙන් වරමක් ගෙන කලු කුමාරයා සමග එක්ව කාන්තාවන්ට හා ළදරුවන්ට රෝග පමුණුවමින් දොළ පිදේනි ලැබීමට යොමු විය.ඔවුහු වෙසමුණි රජුගේ අණ නොසලකා කටයුතු කළ හෙයින් අසුරගිරි පර්වතයට නෙරපා හැර දොළොස් වසරක් දුක් වින්ඳහ.පසුව දීපංකර බුදුන්ගන් වරම් ගෙන කාන්තාවන් වඳ බවට පත් කර දොළ පිදේනි ගැනීමට යොමු වූ බව කියවේ.
රටයකුම පැවැත්වීමට පෙර අදාළ ආතුර කාන්තාව උදෙසා කලහ පේ කිරීම,ඇප නූල් බැඳීම යන චාරිත්‍ර ඉටු කෙරේ.සඳුදා, බදාදා යන දෙදිනයන්හි නොපවත්වයි.සැන්දෑ යාමයේ පටන් පසුදා පහන් වනතුරු තුන් සමයමකින් හෝ ඉරමුදුන් සමයම ද ඇතුලු ව සමයම් හතරක පුද පෙත්වලින් සමන්විත වේ.
යොදා ගන්නා සැරසිලි
* නව මල්පාය හෙවත් මල් මඩුව
* කුමාර වීදිය
* කුමාර පිදේනිය
* කත්තිරික්ක හතරක්
* සූනියම් වීදිය
* කපාල කූඩුව
* දැර හැව
* නව මාලේ මල් බලිය
* කලු කුමාර බලිය
* දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය සඳහා අවශ්‍ය රංග භාණ්ඩ
පුද ලබන යක්කු
* කලු යකා
* කලු කුමාර යකා
* රට යක්කු
* රොඩී යක්කු
* තොට යකා
* රීරි යකා
* මහසෝන් බකා
* බිල්ලේ යකා
* සූනියම් යකා
බැලේ නැටුම්
බැලේ නර්තන කලාව ඉතාලිය මුල් කරගෙන බිහිවූවක් අතර ඉන්පසු එය රුසියාවට හා ප්‍රංශයට සංදර්ශන නාට්යය ස්වරූපයෙන් විහිදී ගියේය. ඉතා උසස් නර්තන ක්රම වේදයකින් යුක්ත වූ මෙම නැටුම් කලාව එයටම ආවේණික වූ අංග චලනවලින් සමන්විත වේ. වර්තමානයේදී ලොව සෑම රටකම ප්‍රචලිතව ඇති මෙම බැලේ නාට්යය කලාව, ලොවපුරා පැතිරී ඇති බැලේ නැටුම් පාසැල්වල පදනම වී ඇත.
බැලේ නර්තනයන්ගේ රංග වින්යාසය අතීතයේදී නිර්මාණය වී ඇති අතර ඒවායේ රංගනයන්, චරිත නිරූපණයන් හා සංගීත ඛණ්ඩ ඇතුළත් වේ. තවද, සාමාන්යයෙන් මෙම සංගීත ඛණ්ඩ, වාද්යය වෘන්දයක් මගින් වාදනය කරන අතර සමහරක් අවස්ථාවලදී පමණක් ගායකයන්ද යොදා ගැනේ.
පාද භාවිතා කරමින් සිදු කරන භ්රමණයන් හා පාදයන් උල් හැඩයට නවා ගනිමින් කරන සංකීර්ණ පා චලන සම්බන්ධයෙන් බැලේ නර්තන කලාව ප්‍රසිද්ධියක් උසුලයි. මනා නිවැරදි හා පාවෙන ස්වරූපයෙන් යුත් සංචලනවලින් සමන්විත මෙම බැලේ නාට්යය කලාව ඉතා විචිත්රවූද මනා ප්රවාහයකින් යුක්ත වේ.
පසුකාලීනව නවීන සම්භාව්යරූපී බැලේ සහ නූතන බැලේ වශයෙන් නව නැටුම් සම්ප්රධායයන්ද බැලේ කලාවට එක්විය. බැලේ යන වචනය අතීත කලා ස්වරූපයන් සමග දැඩි සභඳතාවයක් දක්වන අතර එය ප්රංශ භාෂාවෙන් බිඳී ආ වචනයකි.17 වන සියවස වනවිට එය ඉංග්රීසි භාශාවේ වචනයක් බවට පත් විය. බැලේ නම් ප්රංශ වචනය මූලාරම්භ වූයේ “ ඉතා සියුම් නැටුම් ” යන අර්ථයෙන් යුත් “ බැලෝ” යන වචනය ආශ්රයෙනි. තවද, නැටුම් යන අර්ථය දෙන “ බැලෙරි ” යන ලතින් වචනය සමගද මෙය සබඳතාවක් දක්වයි.
මිනිසාගේ පැරණි මිතුරා
මානවයා හා සුනඛයා අතර අවුරුදු දසදහසකටත් වඩා වැඩි සබදතාවක් පවතියි.ඇත අතීතයේදි දඩයම් කිරිම මගින් ආහාර සොයා ගැනිමට හා ගොවිපල සතුන් වෘකයන්ගෙන් ආරක්ෂාකර ගැනිමට මිනිසා සුනඛයන් යොදා ගත්හ. අද වන විට සුනඛයන් ඇති කරන්නේ තනි නොතනියට,සුරතලයට,ආරක්ෂාවට,අපරාධ විමර්ෂන කටයුතු වලට,හමුදා මෙහෙයුම් වලට,විවිධ ක්‍රිඩා වලටය.

















